AFC Banner
AFC Banner
Empty Ad

කස මෝරා මැරූ දෙදෙනෙක් ලෝක අමාරුවේ (ඡායාරූප)

මැරීමට තහනම් මත්ස්‍ය විශේෂයක්වන කස මෝරුන් දෙදෙනෙකු මරා බේරුවල ධීවර වරායට රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනෙකු සිය භාරයට ගැනීමට බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බේරුවල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත ඔවුන් පැමිණි යාත්‍රාව පරීක්ෂා කිරීමේ දී කිලෝග්‍රෑම් 40 යි ග්‍රෑම් 100ක් බරැති කස මෝරු මත්ස්‍ය කොටස් සොයාගත් බවයි වෙරළ ආරක්ෂක බළකාය සදහන් කළේ.

සැකකරුවන් දෙදෙනා මත්ස්‍ය කොටස් සමග බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

වඳ වීමේ තර්ජනයට ල ක් වී සිටින කස මෝරුන් මැරීම ජාතික ජලජ හා පර්යේක්ෂණ මධ්‍යස්ථානය තහනම් කර තිබෙනවා.

මේ වනවිට ලොව පුරා කස මෝරුන් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බවයි රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?