කසිප්පු සමඟ ඇල්ලූ පුද්ගලයා හදිසියේ අසනීප වී මිය ගිහින්

දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ මෙම පුද්ගලයා අද (12) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ දොඩංගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

අද (12) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මොහු පපුවේ වේදනාවක් ඇති බව පොලිස් නිලධාරීන්ට දන්වා ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයකින් ඔහුව කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එම පුද්ගලයා එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22