කසිප්පු බිබී බස් රථයක් ධාවනය කළ රියදුරා රිමාන්ඩ්

බීමත්ව බස් රථයක් ධාවනය කිරීම හා නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ලංගම බස් රථ රියදුරා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

සැකකාර රියදුරා අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි මෙලෙස නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන දිවුලපිටිය ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරෙක්.

වැලිමඩ සිට මීගමුව දක්වා ධාවනය කෙරුණු දිවුලපිටි ඩිපෝවට අයත් බස් රථය නුවරඑළියේදී පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි රියදුරා බීමත්ව සිට ඇති බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම රියදුරු ආසනයට පිටුපස තිබී නීති විරෝධී මත්පැන් කෑන් එකක් ද සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණා.
ඒ අනුවයි සැකකාර බස් රථ රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිසිය සැක පළ කරන්නේ සැකකාර රියදුරා බස් රථය ධාවනය කර විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය පානය කරන මුවාවෙන් මෙම නීති විරෝධී මත්පැන් පානය කරන්නට ඇති බවයි.

රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් නුවරඑළිය ලංගම ඩිපෝවේ රියදුරෙකු යොදවා බස් රථය මීගමුවට ධාවනය කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?