කසිප්පු බිබී බස් රථයක් ධාවනය කළ රියදුරා රිමාන්ඩ්

බීමත්ව බස් රථයක් ධාවනය කිරීම හා නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ලංගම බස් රථ රියදුරා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

සැකකාර රියදුරා අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි මෙලෙස නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන දිවුලපිටිය ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරෙක්.

වැලිමඩ සිට මීගමුව දක්වා ධාවනය කෙරුණු දිවුලපිටි ඩිපෝවට අයත් බස් රථය නුවරඑළියේදී පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි රියදුරා බීමත්ව සිට ඇති බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම රියදුරු ආසනයට පිටුපස තිබී නීති විරෝධී මත්පැන් කෑන් එකක් ද සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණා.
ඒ අනුවයි සැකකාර බස් රථ රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිසිය සැක පළ කරන්නේ සැකකාර රියදුරා බස් රථය ධාවනය කර විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය පානය කරන මුවාවෙන් මෙම නීති විරෝධී මත්පැන් පානය කරන්නට ඇති බවයි.

රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් නුවරඑළිය ලංගම ඩිපෝවේ රියදුරෙකු යොදවා බස් රථය මීගමුවට ධාවනය කිරීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56