ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හදිසි නීතිය යටතේ නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය නීතියට යටතේ බවයි.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
මේ අතර අග්‍රාමාත්‍යවරියට පෙර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩා ප්‍රකාශ කර සිටියේ, ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි නීතිය යටතේ බවයි.



