කසළ තේ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පසුගියදා (06) පොලිස් විශේෂ කාර්‍යය බලකා හොරණ කඳවුරේ නිලධාරීන් විසින් කසළ තේ කොළ සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; මෙම සැකකරු සන්තකයේ තිබී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 10,360ක් සොයා ගැනුණු බවයි.

සැකකරුව බුලත්සිංහල පොලිස් වසමේ දෙහිකඩේ හන්දිය ආසන්නයේ දී අත් අඩංගුවට ගැනුණා.

සැකකාර පුද්ගලයා 35 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?