කලා වැවේ වාන් දොරටු අඩි 15 බැගින් විවෘත වෙයි

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ කලාවැවේ හදිසි වාන්දොරටු මේ වනවිට අඩි 15 බැගින් විවෘත කර තිබෙනවා.

ඉන් කළා ඔයට පිටවන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 13600ක් වන බවයි වාරි ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

ඊයේ (14) සවස අඩි 2 බැගින් විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන්දොරටු දෙක අද පස්වරුව වනවිට අඩි 13 බැගින් වන සේ විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබුණා.

වැසි තත්ත්වය තවදුරටත් පැවතීම හමුවේයි වාන් දොරටු අඩි 15ක් බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් අවුකන කලාවැව මාර්ගයය අවුකන ප්‍රදේශයෙන් යටවී එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

කලාවැවේ ජල ධාරිතාවය මේ වනවිට අක්කර අඩි 86000ක් පමණ වී ඇති අතර මේ වනවිට දඹුලු ඔය ඇතුළු ජලපෝෂක මාර්ග ඔස්සේ තත්ත්පරයට ඝණ අඩි 11713ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් බව සඳහන්.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව වෙත ජලය ගෙන එනු ලබන දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රදේශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

දඹුලු ඔය හරහා ඉදිකර ඇති එම පාලම අසළින් දඹුලු ඔයේ ඉවුරු දැඩි ලෙස ඛාදනයට ලක්වීමෙන් පාලම මෙලෙස ගිලා බැසීමේ අවධානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාලම අසළ තිබූ කුඹුක් ගසක් ද මේ වනවිට ඉවුරුත් සමග දඹුලු ඔයට කඩා වැටී තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග දඹුළු ඔය ජලාශයේ තත්ත්වය පාලනය කර ගැනීම සදහා තත්පරයට ඝන අඩි 2000ක පමණ ජල ප්‍රමාණයක් මේ වනවිටත් දඹුළු ඔය ජලාශයේ සිට කලාවැවට මුදා හැරෙමින් පවතිනවා.

අමේ අතර ආඬියාගල ඉහළගම මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී මාර්ගය අසළ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අද උදෑසන එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට තිබුණා. පසුව පොලිසියේ මැදිහත් වීමෙන් එම ගස කපා ඉවත් කර රථ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25