spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලා වැවේ වාන් දොරටු අඩි 15 බැගින් විවෘත වෙයි

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ කලාවැවේ හදිසි වාන්දොරටු මේ වනවිට අඩි 15 බැගින් විවෘත කර තිබෙනවා.

ඉන් කළා ඔයට පිටවන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 13600ක් වන බවයි වාරි ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

ඊයේ (14) සවස අඩි 2 බැගින් විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන්දොරටු දෙක අද පස්වරුව වනවිට අඩි 13 බැගින් වන සේ විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබුණා.

වැසි තත්ත්වය තවදුරටත් පැවතීම හමුවේයි වාන් දොරටු අඩි 15ක් බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් අවුකන කලාවැව මාර්ගයය අවුකන ප්‍රදේශයෙන් යටවී එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

කලාවැවේ ජල ධාරිතාවය මේ වනවිට අක්කර අඩි 86000ක් පමණ වී ඇති අතර මේ වනවිට දඹුලු ඔය ඇතුළු ජලපෝෂක මාර්ග ඔස්සේ තත්ත්පරයට ඝණ අඩි 11713ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් බව සඳහන්.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව වෙත ජලය ගෙන එනු ලබන දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රදේශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

දඹුලු ඔය හරහා ඉදිකර ඇති එම පාලම අසළින් දඹුලු ඔයේ ඉවුරු දැඩි ලෙස ඛාදනයට ලක්වීමෙන් පාලම මෙලෙස ගිලා බැසීමේ අවධානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාලම අසළ තිබූ කුඹුක් ගසක් ද මේ වනවිට ඉවුරුත් සමග දඹුලු ඔයට කඩා වැටී තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග දඹුළු ඔය ජලාශයේ තත්ත්වය පාලනය කර ගැනීම සදහා තත්පරයට ඝන අඩි 2000ක පමණ ජල ප්‍රමාණයක් මේ වනවිටත් දඹුළු ඔය ජලාශයේ සිට කලාවැවට මුදා හැරෙමින් පවතිනවා.

අමේ අතර ආඬියාගල ඉහළගම මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී මාර්ගය අසළ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අද උදෑසන එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට තිබුණා. පසුව පොලිසියේ මැදිහත් වීමෙන් එම ගස කපා ඉවත් කර රථ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?