කලාවැව හදිසි වාන් දොරටු යළි විවෘත කෙරේ – මාර්ග දෙකක ගමනා ගමනය යළි ඇන හිටී

පසුගිය 05 වනදා සිට වසා තිබූ කලාවැව හදිසි වාන් දොරටු දෙක ඊයේ (09) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඊයේ සිට කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට පතිතවන වර්ෂාව හේතුවෙන් වැවේ ජල මට්ටම නැවත ඉහළ යාම හමුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බවයි කලාවැව ජලාශ කාර්යාලය ප්‍රකාශ කළේ.

අද උදෑසන වනවිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට ජලාශ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එමගින් ත්ත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙනවා.

කලාවැව ජලපෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 9395ක ජල ප්‍රමාණයක් තව දුරටත් කලාවැවට එක්වෙමින් පවතින බව සඳහන්.

මේ වනවිට කලාවැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87097ක්ව පවතින අතර ගෙවුනු පැය 24 තුළ කලාවැව ප්‍රදේශයට මීලි මීටර් 31ක වර්ෂාවක් ද ලැබී තිබෙනවා.

පසුගිය දිනවල කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය අවුකන ප්‍රදේශයෙන් ද හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ගය හඳුන්ගමුව ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවී දින 10ක පමණ කාලයක් ගමනා ගමන කටයුතු ද ඇනහිට තිබුණා.

පසුගිය 5 වනදා වාන් දොරටු වසා දැමීමත් සමග එම මාර්ගවල ගමනා ගමන කටයුතු ඉකුත් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව තිබුණ ද නැවත වාන් දොරටු විවෘත කිරීමත් සමග අද නැවතත් එම මාර්ග දෙක ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජලයෙන් යටවී ඇති එම මාර්ග වෙනුවට නැවතත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඉපලෝගම පොලිසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම කලාඔයේ ජල මට්ටම තවදුරටත් ඉහල යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයේ පසුවන ලෙසට සහ ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත්, අනුරාධපුර ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය කලා ඔය දෙපස පදිංචිකරුවන්ට දැනුම් දෙනවා.

මේ අතර මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය
ගල්ලෑල්ල ප්‍රදේශය දෙවන වරටත් ස්ථාන කිහිපයකින් අඩි 3ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවන් සවස 1 සිට සියලු වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බවයි පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමග මනම්පිටිය දුම්රිය ස්ථානය අසල සහ මනම්පිටිය නගරයේ දැඩි වාහන තදබදයක් පවතින බව සඳහන්.

විකල්ප මාර්ග ලෙස බකමූණ දෙහිඅත්තකන්ඩිය මාර්ගය භාවිතා කරන ලෙසත් මඩකලපුවේ සිට පැමිණෙන වාහන දෙහිඅත්තකන්ඩිය බකමූණ දමාර්ගය භාවිතා කරන ලෙස ද දැනුම් දෙනවා.

මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටවීම හමුවේ කදුරුවෙල සහ මනම්පිටිය අතර විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට කටයුතු කර ඇති අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා යුද හමුදාවේ විශේෂ රථ කීපයක් ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?