කලාවැව හදිසි වාන් දොරටු යළි විවෘත කෙරේ – මාර්ග දෙකක ගමනා ගමනය යළි ඇන හිටී

පසුගිය 05 වනදා සිට වසා තිබූ කලාවැව හදිසි වාන් දොරටු දෙක ඊයේ (09) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඊයේ සිට කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට පතිතවන වර්ෂාව හේතුවෙන් වැවේ ජල මට්ටම නැවත ඉහළ යාම හමුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බවයි කලාවැව ජලාශ කාර්යාලය ප්‍රකාශ කළේ.

අද උදෑසන වනවිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට ජලාශ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එමගින් ත්ත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙනවා.

කලාවැව ජලපෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 9395ක ජල ප්‍රමාණයක් තව දුරටත් කලාවැවට එක්වෙමින් පවතින බව සඳහන්.

මේ වනවිට කලාවැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87097ක්ව පවතින අතර ගෙවුනු පැය 24 තුළ කලාවැව ප්‍රදේශයට මීලි මීටර් 31ක වර්ෂාවක් ද ලැබී තිබෙනවා.

පසුගිය දිනවල කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය අවුකන ප්‍රදේශයෙන් ද හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ගය හඳුන්ගමුව ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවී දින 10ක පමණ කාලයක් ගමනා ගමන කටයුතු ද ඇනහිට තිබුණා.

පසුගිය 5 වනදා වාන් දොරටු වසා දැමීමත් සමග එම මාර්ගවල ගමනා ගමන කටයුතු ඉකුත් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව තිබුණ ද නැවත වාන් දොරටු විවෘත කිරීමත් සමග අද නැවතත් එම මාර්ග දෙක ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජලයෙන් යටවී ඇති එම මාර්ග වෙනුවට නැවතත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඉපලෝගම පොලිසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම කලාඔයේ ජල මට්ටම තවදුරටත් ඉහල යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයේ පසුවන ලෙසට සහ ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත්, අනුරාධපුර ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය කලා ඔය දෙපස පදිංචිකරුවන්ට දැනුම් දෙනවා.

මේ අතර මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය
ගල්ලෑල්ල ප්‍රදේශය දෙවන වරටත් ස්ථාන කිහිපයකින් අඩි 3ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවන් සවස 1 සිට සියලු වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බවයි පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමග මනම්පිටිය දුම්රිය ස්ථානය අසල සහ මනම්පිටිය නගරයේ දැඩි වාහන තදබදයක් පවතින බව සඳහන්.

විකල්ප මාර්ග ලෙස බකමූණ දෙහිඅත්තකන්ඩිය මාර්ගය භාවිතා කරන ලෙසත් මඩකලපුවේ සිට පැමිණෙන වාහන දෙහිඅත්තකන්ඩිය බකමූණ දමාර්ගය භාවිතා කරන ලෙස ද දැනුම් දෙනවා.

මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටවීම හමුවේ කදුරුවෙල සහ මනම්පිටිය අතර විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට කටයුතු කර ඇති අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා යුද හමුදාවේ විශේෂ රථ කීපයක් ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16