කලාපීය ගැටුම් ඇති නොවන සේ වහාම මැදදුර මිසයිල පද්ධතිය ඉවත් කරන්න – චීනය පිලිපීනයෙන් ඉල්ලයි

වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට නොගොස් මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපායමාර්ගිකව‍ යොදා ගත හැකි මෙන්ම ප්‍රහාරක අවියක් ද වන මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයෙහි ස්ථාපිත කිරීම බාහිර බලවේගයන් කලාපීය ගැටුම් ඇති කිරීමට අනුබල දෙන ක්‍රියාවක් බවයි ඇය එහිදී පෙන්වා දී ඇත්තේ.

එබැවින් එය සිය රටට මෙන්ම අග්නිදිග ආසියානු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වන වගකීම් විරහිත තීරණයක් බව ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව කලාපය තුළ සාමය හා සමෘද්ධිය පැවතීම අත්‍යවශ්‍ය වන බැවින් මැදදුර මිසයිල පද්ධතියක් හා ගැටුම් අවශ්‍ය නොවන බව අවධාරණය කළ ඇය පෙන්වා දී ඇත්තේ, මීට පෙර ලබා දුන් විවෘත ප්‍රතිඥාවට අනුව, පිලිපීනය මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?