Empty Ad
Empty Ad
 Empty Ad

කරාපිටියේ 36 වාට්ටුවේ 55කටම කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 55 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඒ අනුව මේ වනවිට එම වාට්ටුව හුදකලා ‌කිරීමට බලධාරීන් පියවර ලෙන ඇත.

මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරචිචිකන්ද, අම්බලන්ගොඩ පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම රෝගීන් අතර තල්ගම්පල ප්‍රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු දකොස්ගොඩ ප්‍රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද , ගාල්ල සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?