කරාපිටියේ කොවිඩ් වැළඳුණු අම්මාගේ මියගිය බිළිඳු කලලයටත් කොවිඩ්

කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ එම කළලයේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම මගින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමට හැකිවූ බවයි.

මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්තේ ගාල්ලේ දඩල්ල මහමුදලිමාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් .

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගිය දා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සදහා මහමෝදර රෝහලට ඇතුළත් වී තිබෙනවා .

පසුගිය 31 වැනි දා ඇගේ නූපන් බිළිඳිය කුස තුළම මියගොස් ඇති අතර මෙම මළ සිරුර සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය දන්දෙණියආරච්චි මහත්මිය එම සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබෙනවා

දරුවාගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳ තීරණය කිරීමට සිදුවන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි වෛද්‍ය දන්දෙණිය ආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?