කරාටේවලින් ලොවම නතුකර ගත් ශ්‍රී ලාංකික ශූරයෝ රන් පදක්කම් දිනා දිවයිනට

47 වන නිහෝන් සිකි ජාත්‍යන්තර ඉන්දීය කරාටේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06ක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් විජයග්‍රාහී ලෙස දිවයිනට අද (31) පැමිණියා.

මෙම තරගාවලිය ඉකුත් 25 වැනි දින සිට 29 වැනි දින තෙක් ලෝකයේ රටවල් 07ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වුණා.

දෙවෙලපොළ ආනන්ද විද්‍යාලයේ ගෞරී ශෂී ප්‍රභා විසින් ‘කාටා සහ කුම්තේ’ යන අංශ ද්විත්වයෙන් ම රන් පදක්කම් දිනා ගෙන තරගාවලියේ විශිෂ්තම ක්‍රීඩිකාව බවට සම්මාන දිනාගත්තා.

හුණුමුල්ල මහා විද්‍යාලයේ අයෝධ්‍ය හිරුෂාන් ද එම දෙඅංශයෙන්ම රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වූ අතර දෙවෙළපොළ ආනන්ද විද්‍යාලයේ සදෙව් ඉදුවර ක්‍රීඩකයා ද රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගනු ලැබුවා.

මීට අමතරව මෙම ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ෂිහාන් ප්‍රියන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කර රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

මෙම විශිෂ්ටයින් රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2131 දරන ගුවන් යානය අද පස්වරු 02.50ට ඉන්දියාවේ බැංග්ලෝර් නුවර සිට මෙරටට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?