කරාටේවලින් ලොවම නතුකර ගත් ශ්‍රී ලාංකික ශූරයෝ රන් පදක්කම් දිනා දිවයිනට

47 වන නිහෝන් සිකි ජාත්‍යන්තර ඉන්දීය කරාටේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06ක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් විජයග්‍රාහී ලෙස දිවයිනට අද (31) පැමිණියා.

මෙම තරගාවලිය ඉකුත් 25 වැනි දින සිට 29 වැනි දින තෙක් ලෝකයේ රටවල් 07ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වුණා.

දෙවෙලපොළ ආනන්ද විද්‍යාලයේ ගෞරී ශෂී ප්‍රභා විසින් ‘කාටා සහ කුම්තේ’ යන අංශ ද්විත්වයෙන් ම රන් පදක්කම් දිනා ගෙන තරගාවලියේ විශිෂ්තම ක්‍රීඩිකාව බවට සම්මාන දිනාගත්තා.

හුණුමුල්ල මහා විද්‍යාලයේ අයෝධ්‍ය හිරුෂාන් ද එම දෙඅංශයෙන්ම රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වූ අතර දෙවෙළපොළ ආනන්ද විද්‍යාලයේ සදෙව් ඉදුවර ක්‍රීඩකයා ද රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගනු ලැබුවා.

මීට අමතරව මෙම ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ෂිහාන් ප්‍රියන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කර රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

මෙම විශිෂ්ටයින් රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2131 දරන ගුවන් යානය අද පස්වරු 02.50ට ඉන්දියාවේ බැංග්ලෝර් නුවර සිට මෙරටට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29