කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ වන විට පිහිටුවා තිබෙනවා.
එම උපදේශක කමිටු මඟින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
ඒ අනුව, රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල සහ සම්මේලන, විද්‍යායතන (විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙක්ට නොවැඩි සාමාජික සංඛාවකින් සමන්විතව පහත දැක්වෙන කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටු වීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව එම කර්මාන්ත ක්ෂේත්‍ර වනුයේ,
- දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය
- රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය
- සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය
- කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
- විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
- නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
- ඉසව් කළමනා කරණ ක්ෂේත්‍රය




