කරවල සමඟ රැගෙන ගිය කෝටි 08ක මත් කරල් කොස්වත්තේ දී අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 8,63,680ක් අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසියට හැකිව තිබෙනවා.

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් තිබූ මෙම මත්කරල් තොගය කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක් මඟින් කල්පිටිය සිට කොළඹ දක්වා රැගෙන යාමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරකට අනුව අදාළ ලොරි රථය අත්අඩංගුවට ගන්නා ලෙස කල්පිටිය සිට කොළඹ දක්වා වූ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (25) දිනයේ අළුයම, ලද තොරතුරක් අනුව එම ලොරි රථය නාත්තන්ඩිය, කොට්‌ටරාමුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගැනීමට කොස්වත්ත පොලීසියට හැකිව තිබෙනවා.

ලොරි රථය කාර්මික දෝෂයකට ලක්ව, එහි පැමිණි පුද්ගලයන් ලොරි රථය ගරාජයේ තබා ගිය බවයි ගරාජයේ හිමිකරු පොලීසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අද (26) අළුයම වනතුරු එම රථයේ හිමිකරු හෝ රියදුරු නැවත ලොරි රථය ලබා ගැනීම සඳහා නොපැමිණීම නිසා ලොරි රථය තම බාරයට ගැනීමට කොස්වත්ත පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ලොරි රථය තුළ පිටතට පෙනෙන ලෙස කරවල පෙටිටි 12 ක් සහ මත්කරල් අඩංගු පෙට්ටි 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම මත්කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 08 ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වන විට අදාළ ලොරි රථයේ හිමිකරු හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක බවත් පොලිසිය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32
Video thumbnail
මිහිනතලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
10:21
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට අනතුරු අඟවයි
02:45
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08