AFC Banner
Empty Ad
Empty Ad

කරච්චි ගුවන් තොටුපොළ අසල විශාල පිපිරීමක් – චීන ජාතිකයින් 02ක් ජීවිතක්ෂයට

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් විදේශිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.

එම වාර්තාවක වැඩිදුරටත් දැක්වෙන්නේ චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පකිස්ථාන වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

පකිස්ථානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පිපිරීමෙන් පසු දසදෙනෙක් රෝහල් ගතකර ඇති අතර, එක් අයකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

සටන්කාමී කණ්ඩායක් විසින් මෙම පිපිරීම සිදුකර ඇති බවට සැක කෙරෙන අතර මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?