කමින්ස් වෙනුවට එන ස්මිත්

එළඹෙන ජනවාරි මස අග සතියේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයකට එක් වීමට නියමිත ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වයේ යම් වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි වත්මන් ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බවයි.

ඊට හේතුව වන්නේ පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඒ සඳහා නිවෙස බලා යාමයි.

කෙසේවෙතත් පැට් කමින්ස් හට මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පමණක් අහිමි විය හැකි බවත් වාර්තා වනවා.

පැට් කමින්ස් මේ වනවිට (02) සිය මව්බිමේ පැවැත්වෙන බෝඩර් ගවස්කාර් කුසලානය සඳහා ද එක් ව සිටිනවා.

මීට පෙර ද ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කළා.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 113කට ක්‍රීඩා කර ඇති ස්මිත් ටෙස්ට් ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

ස්මිත් වර්ෂ 2014 සිට 2023 තෙක් ටෙස්ට් නායකත්වය ගෙන කටයුතු කළ අතර ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 38කින් තරග 21ක් ඔස්ට්‍රෙලියාව ජයගෙන තිබෙනවා.

තරග 10ක් පමණක් පරාද වී ඇති අතර තවත් තරග 06ක් ජය පරාජ‍යෙන් තොරව අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15