AFC Banner
AFC Banner
Empty Ad

කමින්ස් වෙනුවට එන ස්මිත්

එළඹෙන ජනවාරි මස අග සතියේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයකට එක් වීමට නියමිත ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වයේ යම් වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි වත්මන් ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බවයි.

ඊට හේතුව වන්නේ පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඒ සඳහා නිවෙස බලා යාමයි.

කෙසේවෙතත් පැට් කමින්ස් හට මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පමණක් අහිමි විය හැකි බවත් වාර්තා වනවා.

පැට් කමින්ස් මේ වනවිට (02) සිය මව්බිමේ පැවැත්වෙන බෝඩර් ගවස්කාර් කුසලානය සඳහා ද එක් ව සිටිනවා.

මීට පෙර ද ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කළා.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 113කට ක්‍රීඩා කර ඇති ස්මිත් ටෙස්ට් ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

ස්මිත් වර්ෂ 2014 සිට 2023 තෙක් ටෙස්ට් නායකත්වය ගෙන කටයුතු කළ අතර ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 38කින් තරග 21ක් ඔස්ට්‍රෙලියාව ජයගෙන තිබෙනවා.

තරග 10ක් පමණක් පරාද වී ඇති අතර තවත් තරග 06ක් ජය පරාජ‍යෙන් තොරව අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට හදීසියේ ගොඩවෙයි
07:30
Video thumbnail
BREAKING NEWS🔴තරංගත් ගෑවුණු තරඟ පවාදීමේ සිද්දීයේ නඩු තීන්දුව මෙන්න
02:18
Video thumbnail
නාමල් කරුණාරතන තාම තටමනවා - වී වලට සහතික මිලක් තාම නෑ
10:23
Video thumbnail
BREAKING NEWS 🔴HIV ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්
09:39
Video thumbnail
අඹුඩෙ ගැටෙත් ගැලවිලා - නාමල් කරුණාරත්න නිර්වස්ත්‍ර වෙලා
09:46
Video thumbnail
BREAKING NEWS 🔴පොලිස් මූලස්ථානය අසල උණුසුම් තත්ත්වයක්
09:40
Video thumbnail
රටේ ආර්ථිකය හරියටම හසුරුවන විදිය රවීගෙන් ජනාධාපතිට උපදෙස්
02:53
Video thumbnail
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් හමුවෙයි
00:57
Video thumbnail
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල ලබාදෙයි - ජනාධිපතිතුමාට ගොඩාක් ස්තූතියි
05:01
Video thumbnail
පුල්මුඩේ ගිය හඳුන්නෙත්ති සැරෙන් කිව්ව කතාව - බලධාරීන් මීක් නෑ - කටවල් ලොක්වෙයි
03:29

?