කමාන්ඩෝ පාඨමාලා අංක 52 A සහ B හි විසිර යාම අද

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 52 A සහ B යටතේ පුහුණුව ලද නිලධාරින් සහ සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලිය 2025 අගෝස්තු 20 වන දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරින් 07 දෙනෙක් සහ සෙසු නිලයින් 78 දෙනෙක් මෙහිදී විසිර යන ලද අතර එම කමාන්ඩෝ සාමාජිකයන්ගේ දෙමවුපියන් විසින් ඔවුන් වෙත කමාන්ඩෝ ලාංඡනය පැළඳවීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිතුමන් ඇතළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු නවක සාමාජිකයින් හට ‘මෙරූන් හිස්වැසුම’ පැළඳවූවා.

පාඨමාලාව හැදෑරූ නව කමාන්ඩෝ සාමාජිකයන් අතරින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයන් ලෙස, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා – ලාන්ස් කෝප්‍රල් අකිල දර්ශන වීරසිංහ, අතිශූර වෙඩික්කරු ලෙස ලුතිතන් සතිර දිසානායක සහ සෑම අතින්ම අතිශූර කමාන්ඩෝ භටයා ලෙස ලුතිතන් රවිදු දිසානායක ජය සංකේත හිමිකර ගැනීමට සමත් වුණා.

විසිරයාමේ උත්සවය සමාප්තියේ, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී, සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්කගත කිරීම, ජීව වෙඩි තැබීම, ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කරමින් කමාන්ඩෝ භටයින්ගේ මෙහෙයුම් කුසලතා සහ සටන් සූදානම ඉස්මතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි ලැසි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..දැඩි ආරක්ෂාව මැද රැගෙන යන හැටි
01:37
Video thumbnail
බන්ධනාගාරය තුලදී ප#රදී පුද්ගලයකු ඝා#නය කල බැසිල් හා නිමල්ට ම#ණ දඬුවම්
02:09
Video thumbnail
දඹුල්ල ඉබ්බන්කටුව වැවේ ඇස් පනාපිට සිදුවූ අනවසර ඉදිකිරීම්..රජයේ ආයතන 16ක් අනුමැතියත් දීලා
11:09
Video thumbnail
හුන්ඩුවට කවියක් හදලා කාන්තාවන් සැරටම දෙසයි..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57