කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම එළඹෙන දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් සිදුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ දී අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම නියෝගය අද (24) නිකුත් කරනු ලැබුවා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?