Empty Ad
AFC Banner
AFC Banner

කපා හැරීමට සුදානම් වන ‘අමාත්‍යංශවල’ වියදම්

එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව අද (05) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන්නැයි ද මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබුණා.

කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත් ,එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත්, සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ගිය සතියේ දී කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?