කඳුළු ගෑස් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

ජාතික ජන බලවේගය සංවිධාන කර තිබූ විරෝධතාව අතර මියගිය පුද්ගලයාගේ මෙන්ම විරෝධතා දිනවල මියගිය පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අදාළ මරණ කඳුළු ගෑස් වැදීමෙන් මියගිය බවට පැවසුන ද අදාළ කටයුතු තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බවයි.

එබැවින් අධිකරණ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව කුමක් ද යන්න අනාවරණ කරන තෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

කල් ඉකුත් වූ කඳුළූ ගෑස් භාවිත කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියාසිටියේ විරෝධතාවක් පාලනය කිරීම වෙනුවෙන් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත නොකරන බවයි.

කල් ඉකුත් වීමෙන් පසු එම කඳුළු ගෑස්වල ක්‍රියාකාර’ීත්වය දුර්වල වීම හමුවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවයි නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ.

විරෝධතාවයක් වෙනුවෙන් යොදා ගනු ලබන්නේ නිසි ප්‍රමිතියකින් යුතු ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන වන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ඒවා මිලදී ගැනීමට නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් පොලිසියට අනුගමනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?