කඳුළු ගෑස් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

ජාතික ජන බලවේගය සංවිධාන කර තිබූ විරෝධතාව අතර මියගිය පුද්ගලයාගේ මෙන්ම විරෝධතා දිනවල මියගිය පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අදාළ මරණ කඳුළු ගෑස් වැදීමෙන් මියගිය බවට පැවසුන ද අදාළ කටයුතු තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බවයි.

එබැවින් අධිකරණ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව කුමක් ද යන්න අනාවරණ කරන තෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

කල් ඉකුත් වූ කඳුළූ ගෑස් භාවිත කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියාසිටියේ විරෝධතාවක් පාලනය කිරීම වෙනුවෙන් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත නොකරන බවයි.

කල් ඉකුත් වීමෙන් පසු එම කඳුළු ගෑස්වල ක්‍රියාකාර’ීත්වය දුර්වල වීම හමුවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවයි නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ.

විරෝධතාවයක් වෙනුවෙන් යොදා ගනු ලබන්නේ නිසි ප්‍රමිතියකින් යුතු ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන වන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ඒවා මිලදී ගැනීමට නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් පොලිසියට අනුගමනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14