AFC Banner
AFC Banner
Empty Ad

කඳවුරු බඳින අයට දැනුම් දීමක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථානවලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වා ගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි.

එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රියගත කිරීමේදී පෙරේදා තරුණ යුවලකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්ව තරුණයා තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?