කන්කසන්තුර වරාය ඉන්දියාවට වසර 30කට යටත් වෙයි

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 62කට අධික මූල්‍ය ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

මෙම මූල්‍ය ප්‍රදානය මගින් වසර 30ක කාලයක් ඉන්දියාවේ පාලනාධිකාරිය යටතේ වැඩි කොටසක් තැබෙන බවයි වාර්තා වන්නේ.

මෙය ඉන්දියාව සමග සිදු කෙරුණු ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස සිදු ව තිබෙන බවත් වරායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

මුලදී ඉන්දීය රජය උතුරු වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණයක් ලබාදීමට අදහස් කළ අතර; වත්මන් ආර්ථිකයේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ව්‍යාපෘති ප්‍රදානය කිරීමට ඉන්දියාව මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ; මූලික යෝජනා අනුව ඉන්දීය ඉදිකිරීම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.

රටේ උතුරු පළාතේ පිහිටා ඇති කන්කසන්තුරේ වරාය, KKS වරාය ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

එය ආසන්න වශයෙන් අක්කර 16ක වපසරියකින් යුක්ත වන අතර මෙම වරාය පිහිටා ඇත්තේ ඉන්දියාවේ පොන්ඩිචෙරි හි කරයිකාල් වරායේ සිට නාවික සැතපුම් 56 ක් දුරින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
0
+1
13
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?