කතෝලික පියතුමන්ලා ගමන් කල වාහනයකට ප්‍රහාරයක්.

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ නත්තල් උත්සව අවස්ථාවක් සඳහා සහභාගිවී නැවත ගමන් කරමින් සිටි කතෝලික පියතුමන්ලා පිරිසක් ගමන්ගත් කාර් රථයකට කිලිනොච්චියේදී කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් 28 දින පුද්ගලයින් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි ධර්මපුරම් පොලිසිය පවසයි.

ධර්මපුරම් මයිල්වාගනමපුරම් ප්‍රදේශයේ කිසියම් නත්තල් උත්සව අවස්ථාවකට ඊයේ (27) රාත්‍රි 10 ට පමණ සහභාගි වූ කතෝලික පියතුමන්ලා පිරිසක් නැවත ගමන් කරමින් සිටියදී පියතුමන්ලා ගමන්ගත් එක් කාර්රථයක් කිසියම් තරුණයින් පිරිසක් නවතා ඇත.

එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අදාල තරුණයින් පිරිස විසින් පියතුමන්ලා ගමන් ගත් කාර් රථයට පහර දීමෙන් කාර්රථයට හානි සිදු වී ඇති අතර අදාල පහරදීමෙන් පියතුමන්ලා කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පියතුමන්ලා විසින් ධර්මපුරම් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පරික්ෂණ වලදී පහරදීමට සම්බන්ධ සැකකරුවනස් තිදෙනෙකු අද (28) උදෑසන අත්අඩංගුවට පොලිස් භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවට ද පොලිසිය පැවසීය.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකල අදාළ තරුණ පිරිස මුදල් සම්බන්ධයෙන් කතෝලික පියතුමන්ලා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකල පහරදීමක් බවට සැකපලකරන බවටත් කතෝලික පියතුමන්ලා ඉලක්ක කරගෙන සිදුකලද ප්‍රහාරයක් නොවන බවටත් ධර්ම පුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රහාරයට තවත් සැකකරුවන් පිරිසක් සමබන්ධ බවටද එම පිරිස්ද සොයා ධර්මපුරම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03