කතානායකගේ ඉල්ලා අස්වීමේ නීතිමය තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

කතානායකවරයාගේ ඉල්ලා අස්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පැහැදිලි කිරීමක් කරනවා.

ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම්‍, ස්වකීය අත්සන යටතේ වූ ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු වනවා.

ජනාධිපතිවරයා විසින් එකී ලිපිය පිළිගන්නේ නම්‍, ඒ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත දැනුම් දිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(3) ව්‍යවස්ථාව අනුව කතානායක පදවිය හිස් වූ පසුව පළමු වරට පවත්වනු ලබන රැස්වීමේ දී පාර්ලිමේන්තුව විසින් එසේ හිස් වූ පදවියට වෙනත් මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගත යුතු බවයි නියෝජ්‍ය මහලේකම්වරයා පවසන්නේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 4 අනුව අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි ගණනක් සඳහා නාමයෝජනා ඉදිරිපත් වී ඇති අවස්ථාවක දී රහස් ඡන්දයෙන් කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට කටයුතුයි.

ඒ, අනුව මෙතෙක් සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණක් බවත්, ජනාධිපතිවරයා වෙත එවන් ලිපියක් ලැබී ඇද්දැයි මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
31
+1
1
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31