කතරගම බස්නායක නිළමේ සී.අයි.ඩීයෙන් පිටව යයි – පැය තුනහමාරක ප්‍රකාශයක්

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර; පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදල්වලින් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?