කණිෂ්ඨ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අහිංසක බලාපොරොත්තු සුන් කළ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා බලධාරීන් (ඡායාරූප)

කොලොම්බියාවේ කාලි නුවර දී ලබන පළමුවනදා ආරම්භ වීමට නියමිත ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (29) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුන ද අවසානයේ ඔවුන්ට සිදු වුණේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය ඉදිරිපිට රැය පහන් කිරීමටයි.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා බලධාරීන් විසින් නිසි කලට ගුවන් ප්‍රවේශපත්‍ර සපයාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද වනවිටත් කොලොම්බියාව බලා යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මාස එකහමාරක පමණ කාලයක් ගත වනතුරුත් මළල ක්‍රීඩා සංගමයේ නිලධාරින්ට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත් වෙන්කර නොදීම විමතිය දනවන කරුණක්.

ඒ, අනුව මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වුණේ මළල ක්‍රීඩා සංගමය ඉදිරිපිට රැය පහන්කරමින් තරගාවලි සහභාගීත්වය පිළිබඳව හීන දකින්නටයි.

මෙරට ක්‍රීඩාව භාර බලධාරීන්ගේ සහ නිලධාරීගේ මෙම නොසැලකිල්මත්කම හේතුවෙන් සිදුවන්නේ අනාගතයේ මෙරට බබළවන්නට සූදානම් වන ක්‍රීඩා තරුවලට වර්තමනයේදීම ක්‍රීඩාව එපා වීමයි.

ශ්‍රී ලංකාවේ සිට කොලොම්බියාව දක්වා පැය 25.30ක පමණ ගුවන් පියාසර කාලයක් ගතවන අතර, තරගාවලියට සහභාගී වීමට සඳහා අද (30) රාත්‍රියේ හෝ ඔවුනට කොලොම්බියාවට යාමය අවස්ථාව හිමිවේ නම් තරගාවලිය ආරම්භක මොහොතේ හෝ ඒ සඳහා එක්වීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාග්‍ය උදාවනු ඇති.

296722608 5498135203580590 7189606876616480308 n
296732537 5498135266913917 8001629510682232049 n
296782025 5498135333580577 7972044702979478915 n
WhatsApp Image 2022 07 30 at 2.00.31 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?