AFC Banner
Empty Ad

කඩු රැගෙන පැමිණි පිරිසක් පාසල් ගුරුවරයෙකුට කල විපත

ඊයේ (04) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට කඩු වලින් කැපීම නිසා බරපතල ලෙස තුවාල ලැබු අයෙකු ඇතුලත් කර තිබෙනවා. මෙම පුද්ගලයාට යම්කිසි පිරිසක් කඩු රැගෙන පැමිණ පහර දී කඩු වලින් කපා දරුණු ලෙස තුවාල සිදුකර තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඒ ප්‍රදේශයේ පාසැල් ගුරුවරයෙක්. යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව තිබෙනවා.

යතුරු පැදිවලින් පැමිණි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ගුරුවරයාට පහර දී පසුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ගුරුවරයාට එසේ කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ. යාපනය තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?