AFC Banner
Empty Ad

කඩු කල්ලියක් ගැන පැමිණිළි කළ තරුණයාට සිදුවූ හදිය

යාපනය අල්වායි ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රීයේ තියුණු ආයුධ ගත් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකදී තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පහරකෑමට ලක් වූ තරුණයා ඊට පෙර යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී අයිස්ක්‍රීම් අලෙවිකරමින් සිටින අතර දී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් අයිස්ක්‍රීම් මිලට ගන්නා මුවාවෙන් තරුණයා සතුව තිබූ මුදල් හා ජංගම දුරකතනය කොල්ල කා පලා ගොස් තිබුණා.

අනතුරුව එම තරුණයා අදාල කොල්ල කල්ලිය පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.

පසුව ඔහු නිවස බලා යමින් සිටින අතරවාරයේදීයි යතුරුපැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත්තේ.

ඒහිදී බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, 30 හැවිරිදි අල්වායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තියුණු ආයුධවලින් පහරදීම සිදුකළ පිරිස සහ කොල්ලකල්ලිය පිළිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවයි නෙල්ලිඅඩි පොලීසිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?