කඩු කල්ලියක් ගැන පැමිණිළි කළ තරුණයාට සිදුවූ හදිය

යාපනය අල්වායි ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රීයේ තියුණු ආයුධ ගත් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකදී තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පහරකෑමට ලක් වූ තරුණයා ඊට පෙර යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී අයිස්ක්‍රීම් අලෙවිකරමින් සිටින අතර දී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් අයිස්ක්‍රීම් මිලට ගන්නා මුවාවෙන් තරුණයා සතුව තිබූ මුදල් හා ජංගම දුරකතනය කොල්ල කා පලා ගොස් තිබුණා.

අනතුරුව එම තරුණයා අදාල කොල්ල කල්ලිය පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.

පසුව ඔහු නිවස බලා යමින් සිටින අතරවාරයේදීයි යතුරුපැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත්තේ.

ඒහිදී බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, 30 හැවිරිදි අල්වායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තියුණු ආයුධවලින් පහරදීම සිදුකළ පිරිස සහ කොල්ලකල්ලිය පිළිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවයි නෙල්ලිඅඩි පොලීසිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51