කඩා වැටුණු පැතිබැම්මකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මීරිගම, දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටිය දී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් ඊට යට වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීරිගම, තවලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මයිකල් රත්නායක නැමති 63 හැවිරිදි පුද්ගලයෙක්.

පැතිබැම්ම එම පුද්ගලයා මතට කඩා වැටීමෙන් පසු වහාම ඔහුව ඉන් මුදාගෙන මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එලෙස රෝහල් ගතකරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?