කඩා වැටුණු ජෙට් යානයෙන් පැන්න පුහුණු උපදේශකවරයා විදුලි රැහැනක ගැටිලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටීමෙන් අද (21) පෙරවරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් යානය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ අතර, එහි සිටි නියමුවන් දෙදෙනා ජීවිත බේරාගැනීමට සමත් වුණා.

ඒ, අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා විසින් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබීම හේතුවෙන්.

එලෙස පැරෂුට් ආධාරයෙන් යානයෙන් පිටතට පැන තිබූ නියමුවන් දෙදෙනා මිනුවන්ගැටේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි අවුලේගම, සුන්දරගම විද්‍යාලය අසලට ගොඩබැස තිබුණා.

එලෙස ගොඩබැසීමේ දී ප්‍රධාන පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කළ නියමුවා විදුලි රැහැනක ගැටී ඇති අතර එහිදී ඔහුට තුවාල සිදුව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් සුවසැරිය ගිලන් රථයකින් නියමුවන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

යානය පුහුණු පියාසැරියක් සඳහා අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් ගුවන්ගත කර ඇති අතර, එය අනතුරට ලක්ව ඇත්තේ උදෑසන 7.55ට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?