කටුනායක සහ කොළඹ අතර යළිත් ගුවන් ගමන් අරඹයි

කටුනායක සහ කොළඹ අතර නැවතත් ගුවන් ගමන් ආරම්භ කිරීම අද (03) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ‍අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

බේරේ වැව ජලතර ගුවන් තොටුපොළක් ලෙස භාවිත කරමින් මෙම ගුවන් ගමන් ආරම්හ කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළ මෙහි පළමු ගුවන් ගමන සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු එක්ව සිටියා.

සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 යානයක් මෙම සමාරම්භක අවස්ථාවේ බේරේ වැව මත ගොඩ බස්වනු ලැබුවා.

මෙම අවස්ථාව එක් වූ අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ දේශීය වශයෙන් ගුවන් සේවාවන් දියුණු කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
8
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?