ඊයේ (16) දහවල් කාලයේ දී කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර තිබේ.
එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 76 හැවිරිදි කාන්තාවකි.අදාළ කාන්තාවගේ අතපය බැඳ මුඛයට රෙදි කැබැල්ලක් ඔබා තිබී ඇති අතර, ඇය පැලඳ සිටි රු 32,500ක් වටිනා රන් මාලය ද සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.













