කට්ටි පැන්න මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටිති.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පසුගියදා පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරි බව කී එම උසස් නිලධාරියා දඬුවමට පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පත්වුවහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව දැනුම් දුන් බව සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම නිසා පැමිණීමට නොහැකි වීමෙන් පසුව එන බව දැනුම්දී තිබූ බවත් ඔහු නැවත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

ලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43