AFC Banner
AFC Banner
Empty Ad

කට්ටි පැන්න මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටිති.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පසුගියදා පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරි බව කී එම උසස් නිලධාරියා දඬුවමට පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පත්වුවහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව දැනුම් දුන් බව සඳහන් කළේය.

ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම නිසා පැමිණීමට නොහැකි වීමෙන් පසුව එන බව දැනුම්දී තිබූ බවත් ඔහු නැවත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

ලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?