Empty Ad
AFC Banner
Empty Ad

කංසා තෙල් පාර්සලයක් සූක්ෂමව පන්නන්න හැදූ රේගු පරීක්ෂක අත්අඩංගුවට

විදේශ රටක සිට මෙරට පුද්ගලයකුට ඒවා තිබූ රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ රේගු පරීක්ෂකවරයා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අද (14) දින අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

මෙම රේගු පරීක්ෂකවරයා රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිතව එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් රුපියල් කෝටි 03 කට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් මෙම කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?