ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සංවිධානාත්මක ආපද්දහ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙන අයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ දැරූ සැකකරුවෙක් ඊයේ (18) දින අත්තඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්තඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ දී යි.
සැකකරුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඝාතන මෙරටදී මෙහෙයවන බවයි.
මෙම සිද්ධියට අදාළ ගිනිඅවිය ලබා දීම සඳහා පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් ද ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගිනි අවිය මීට පෙර ගල්කිස්ස උඩුදාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට උපයෝගී කරගත් ගිනි අවියක් බවටද පොලිසිය සැකකරනවා.
වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 02, කොම්පඥ්ඥවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව මීගමුව, දළුපොත පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව සමග අත්තඩංගුවට පත් අනෙක් පුද්ගලයා ද මීගමුව, දළුපොත ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි පොලිසියුඅ සඳහන් කළේ.
මෙම සැකකරුවන් තුන්දෙනා සහ සැකකාරිය සහ පිස්තෝලය ගල්කිස්සා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බර දී තිබෙනවා.













