කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් අත්අඩංගුවට

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සංවිධානාත්මක ආපද්දහ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙන අයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ දැරූ සැකකරුවෙක් ඊයේ (18) දින අත්තඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්තඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ දී යි.

සැකකරුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඝාතන මෙරටදී මෙහෙයවන බවයි.

මෙම සිද්ධියට අදාළ ගිනිඅවිය ලබා දීම සඳහා පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් ද ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගිනි අවිය මීට පෙර ගල්කිස්ස උඩුදාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට උපයෝගී කරගත් ගිනි අවියක් බවටද පොලිසිය සැකකරනවා.

වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 02, කොම්පඥ්ඥවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව මීගමුව, දළුපොත පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව සමග අත්තඩංගුවට පත් අනෙක් පුද්ගලයා ද මීගමුව, දළුපොත ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි පොලිසියුඅ සඳහන් කළේ.

මෙම සැකකරුවන් තුන්දෙනා සහ සැකකාරිය සහ පිස්තෝලය ගල්කිස්සා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53