ඖෂධ ගන්න ආණ්ඩුව ලොව වටා යයි

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එසේම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මැදිහත්වීම ද ඒ සඳහා ලැබෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව ඇතුළු රටවල් සමග මීට අදාළ සාකච්ඡා පැවැත්වෙනවා.