Empty Ad
AFC Banner
Empty Ad

ඕස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ අද (14) පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 174කින්.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා ජයගත්තා.

අද පැවති දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 281ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කරද්දී නායක චරිත් අසලංක ලකණු 78 කින් සිය දායකත්වය ලබාදුන්නා.

මේ අතර අද තරගය සඳහා කැඳවීම් ලැබූ නිශාන් මදුෂ්ක ඊට සාධාරණයක් එක්කරමින් ලකුණු 51ක් රැස් කළා.

අනතුරුව ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට පන්දුවාර 24යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107ක් පමණයි.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු සහ වනිඳු හසරංග කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 174කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, එක්දින තරගයක දී ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියාව පරාජය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>