ඕස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ අද (14) පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 174කින්.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා ජයගත්තා.

අද පැවති දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 281ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කරද්දී නායක චරිත් අසලංක ලකණු 78 කින් සිය දායකත්වය ලබාදුන්නා.

මේ අතර අද තරගය සඳහා කැඳවීම් ලැබූ නිශාන් මදුෂ්ක ඊට සාධාරණයක් එක්කරමින් ලකුණු 51ක් රැස් කළා.

අනතුරුව ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට පන්දුවාර 24යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107ක් පමණයි.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු සහ වනිඳු හසරංග කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 174කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, එක්දින තරගයක දී ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියාව පරාජය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43