ඕස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගයට

ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ, ඉන්දියාව සමඟ පැවති බෝඩර් ගවස්කාර් කුසලායේ පස්වන තර ජයගෙන තරගාවලිය තරග තුනට එකක් ලෙස ජයගැනීමත් සමඟයි.

මෙම ජයග්‍රහණයත් සමඟ එළඹෙන ජුනි 11 වනදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇති.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරග සඳහා එක්වීමට ශ්‍රී ලංකාවට තිබූ බලාපොරොත්තුව බොඳ වී ගියා.

යම් හෙයකින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද අවසන් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවානම්; අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාවට තව දුරටත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව පවතිනවා.

මේ අතර ටෙස්ට් ලෝක ශුරතාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව පවතින අතර, එම තරග දෙක ශ්‍රී ලංකාව සමඟ එළඹෙන 27 වනදා ආරම්භ වනවා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?