logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඕස්ට්‍රේලියාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී දරුණු අනතුරක් – හතරක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සහ එක්සත් ජනපද හමුදා අතර පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර ඊයේ (28) මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් වහාම දියත් කළ බවයි.

අතරුදන්ව සිටින ගුවන් කාර්ය මණ්ඩලය හතර දෙනා තවමත් සොයාගෙන නොමැති බව අද (29) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී මාල්ස් පැවසුවා.

සිදු වූ මෙම අනතුරත් සමඟ හමුදා පුහුණු අභ්‍යාසයේ විරාමයක් ද නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?