ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමක් – 09ක් මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

වෙඩික්කරුවන් දෙදෙනෙකු නිෂ්ක්‍රීය කර ඇති බවයි නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ.

මෙම ප්‍රහාරය සැලකෙන්නේ යුදෙව් ආගමික උත්සවයකට එල්ල වූ ප්‍රහාරයක් ලෙසයි.

තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම 50ක් පමණ සිදුකළ බවයි සිද්ධිය ඇසින් දුටුවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ ඉරිදා, බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ දේ “ශෝකජනක” බවයි.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ, යුදෙව් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා වෙරළ තීරයේ උත්සවයක් සඳහා සිය ගණනක් ජනයා වෙරළ තීරයේ රැස්ව සිටියදී ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද (14) සවස 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?