ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමක් – 09ක් මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

වෙඩික්කරුවන් දෙදෙනෙකු නිෂ්ක්‍රීය කර ඇති බවයි නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ.

මෙම ප්‍රහාරය සැලකෙන්නේ යුදෙව් ආගමික උත්සවයකට එල්ල වූ ප්‍රහාරයක් ලෙසයි.

තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම 50ක් පමණ සිදුකළ බවයි සිද්ධිය ඇසින් දුටුවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ ඉරිදා, බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ දේ “ශෝකජනක” බවයි.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ, යුදෙව් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා වෙරළ තීරයේ උත්සවයක් සඳහා සිය ගණනක් ජනයා වෙරළ තීරයේ රැස්ව සිටියදී ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද (14) සවස 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40