AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවේ දී රසට උයා ලොවක් දිනූ අපේ කෙල්ල දිවයිනට (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ පැවති 2024 ‘මාස්ටර් චෙෆ්’ ඉවුම් පිහුම් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඊයේ (16) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි දසත ගුවන් තොටුපොළට වාර්තාකරු සඳහන් කළේ.

ලෝකය පුරා බොහෝ පිරිසකගේ අවධානයට යොමු වූ ඕස්ට්‍රේලියානු ‘මාස්ටර් චෙෆ්’ තරගාවලිය මෙම වසරේ අප්‍රියෙල් මස සිට පසුගිය 15 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සම්බන්ධ කරගනිමින් පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරාට තුන්වන ස්ථාන දිනා ගැනීමට හැකියාව ලැබුණා.

එම ජයග්‍රහණයෙන් පසු මෙරට වෙසෙන ඇයගේ පවුලේ ඥාතීන් හමුවීමට සවින්ද්‍රි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

“මට මේ ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සඳහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන. මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට හොදි සමඟ මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා. මම මෙම ආහාර සඳහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිත කළා. ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට හැකි වුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
11
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?