ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාට වූ කරදරය සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

එක්දින කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් දේවජිත් සයිකියා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ මෙය අතිශයින් කණගාටුදායක සහ හුදකලා සිදුවීමක් බවයි.

අදාළ නිවේදනය,

“මෙය අතිශයින් කණගාටුදායක සහ හුදකලා සිදුවීමකි. ඉන්දියාව සැමවිටම එහි උණුසුම, ආගන්තුක සත්කාරය සහ සියලු අමුත්තන් කෙරෙහි දක්වන සැලකිල්ල සඳහා ප්‍රසිද්ධය. එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් අපි ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නෙමු. චූදිතයන් අත්අඩංගුවට ගැනීමේදී මධ්‍ය ප්‍රදේශ් පොලිසිය ගත් කඩිනම් සහ ඵලදායී ක්‍රියාමාර්ගය අපි අගය කරමු. යුක්තිය ඉටු කිරීම සහතික කිරීම සඳහා නීතිය නිසි ක්‍රියාමාර්ග ගනු ඇත. එවැනි සිදුවීම් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා අපි අපගේ පවතින ආරක්ෂක ප්‍රොටෝකෝල සමාලෝචනය කර අවශ්‍ය නම් ඒවා තවදුරටත් ශක්තිමත් කරන්නෙමු.”

අදාළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ක්‍රීඩිකාවන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?