AFC Banner
Empty Ad
Empty Ad

ඕනේවට වඩා ඇගිලි ගහන එක්සත් ජාතින් ගැන ජී.එල් ගේ මැසිවිලි

අභ්‍යන්තර කටයුතුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය අධික ලෙස මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.ශ්‍රී ලංකාවට එරෙහිව යෙදවීම සඳහා දත්ත රැස් කිරීම එකම අරමුණ කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශේෂ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද විරුද්ධත්වය පළකරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම දත්ත මොනවාදැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් එබැවින් මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කලා.ජී එල් පීරිස් මහතා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවට පත්ව ආ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

කෙසේවෙතත් සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දැඩි අරමුණකින් සහ සුහදශිලීත්වයෙන් යුතුව කටයුතු කළ බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.ශක්තිමත්ව නැගී සිටින රටක් පහත හෙළීම වෙනුවට, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබා දිය යුතු බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?